ඇමෙරිකානු පෞද්ගලික සමාගම් යුක්රේන හමුදා සඳහා දෘශ්‍ය සහ රේඩාර් දත්ත රැස් කරමින් සිටින බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන රොස්කොස්මොස් හි ප්‍රධානී දිමිත්‍රි රොගෝසින් පවසයි.
විශේෂමෙන්ම, මෙම පුද්ගලික බටහිර සමාගම් විසින් යුක්රේනය සඳහා දත්ත එකතු කිරීම මෙය තවත් තහවුරු කරන බවද හෙතෙම කියයි.
ඇමෙරිකානු පුද්ගලික සමාගම් වන Lockheed Martin, Boeing, SpaceX සහ වෙනත් සමාගම් දැන් එක් නිශ්චිත ඉලක්කයක් සමග කටයුතු කරන බව පවසන රොස්කොස්මොස් ප්‍රධානියා, දෘශ්‍ය - අධෝරක්ත රේඩාර් උපාංග හරහා තථ්‍ය කාලීනව තොරතුරු රැස් කිරීම සහතික කිරීම සහ සාම්ප්‍රදායික සුපරීක්ෂණය හරහා යුක්රේන හමුදාවන්ට බැලිස්ටික් මිසයිල මගපෙන්වීමක් හෝ බහුවිධ රොකට් පද්ධති මෙහෙයුමක් සඳහා භාවිත කළ හැකි වන පරිදි මෙම දත්ත රැස් කරමින් පවතින බව අවධාරණය කරයි.