බංග්ලාදේශයේ ඩෙංගු අවදානම ඉහළම අගයක


බංග්ලාදේශයේ මෝසම් වර්ෂා කාලය ඇරඹීමත් සමග එරට අධික ජනගහනක් වෙසෙන නාගරික ප්‍රදේශවල ඩෙංගු උවදුරු වේගයෙන් පැතිර යමින් ඇති බව කියයි.

ඒ අනුව, මෙම වසරට පමණක් පුද්ගලයන් 201දෙනෙකු ඩෙංගු රෝගය නිසා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 37,000කට අධික පිරිසකට ඩෙංගු වැලඳී තිබේ.

2022 වසරේදී ඩෙංගු වෛරසය හේතුවෙන් පුද්ගලයන් 281දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එය මේ සම්බන්ධ දත්ත එක්රැස් කළ 2000 වසරේ සිට වැඩිම මරණ සිදුවූ වසර ලෙසද සැලකෙයි.

එමෙන්ම, පසුගිය වසරේදී බංග්ලාදේශය තුළ පුද්ගලයන් 62,423දෙනෙකුට ඩෙංගු වැලඳී තිබේ.



Recommended Articles