බංග්ලාදේශයට නව ජනාධිපතිවරයෙක්


විශ්‍රාමික විනිසුරුවරයෙකු සහ බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසමේ හිටපු කොමසාරිස් මොහොමඩ් ෂහාබුදීන් චුප්පු එරට නව ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන තිබේ.

එරට මැතිවරණ කොමසාරිස් කසායි හබිබුල් අවාල් විසින් ඩකා නුවරදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව දැනුවත් කර කියා සිටියේ, පාලක අවාමි ලීගයේ අපේක්ෂකයා විරුද්ධත්වයකින් තොරව තෝරාපත් කර ගැනීම සිදුවූ බවයි.

මේ අතර හිටපු ජනාධිපති අබ්දුල් හමීඩ් වෙත නැවත වරක් එරට ජනාධිපති ධුරය සඳහා පත්වීමට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන වෙන්කර නොමැති අතර, එරට තුළ උපරිම අවස්ථා දෙකකදී පමණක් ජනාධිපති ධුරය දැරීමට අවස්ථාව ලබාදී තිබේ. බංග්ලාදේශයේ ජනාධිපති ධුරය නාමමාත්‍රික ධුරයක් වන අතර, එරට අගමැතිවරයාට රටේ නායකයා වෙයි.



Recommended Articles