බංග්ලාදේශ විවාහ සහතිකයෙන් කන්‍යාවියක්ද - යන පැනය ඉවතට


බංග්ලාදේශ විවාහ ලියාපදිංචි සහතිකයේ විවාහ පත්වන ස්ත්‍රිය 'කන්‍යාවියක්ද?' යනුවෙන් සඳහන් ප්‍රශ්නය වෙනුවට 'අවිවාහකද?' යන ප්‍රශ්නය යෙදීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

එහිදී, අනෙක් ප්‍රශ්න දෙක ලෙස ඇසුණු 'වැන්දඹුද?' සහ 'දික්කසාදද?' යන ප්‍රශ්න දෙක වෙනස් නොකර එලෙසම තබා තිබේ.

බංග්ලාදේශයේ කාන්තා සංවිධාන පෙරකී 'කන්‍යාවියක්ද?' යන පැනය විවාහ ලියාපදිංචි පෝරමයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් දැඩි විරෝධයක් මීට පෙර සිටම දක්වා සිටි අතර, අධිකරණයේ මෙම නිවේදනය ඔවුන්ට සැනසුම් සුසුමක් ගෙන දී තිබේ.

එමෙන්ම, අධිකරණය විසින් දක්වා ඇත්තේ මින් ඉදිරියට අදාළ පොරමයේ විවාහ පත්වන තරුණයා විසින් තමන් 'අවිවාහකද?', 'දික්කසාදවීද?' යන පැනයන්ට පිළිතුරු සැපයිය යුතු බවයි.



Recommended Articles