ගිනිකොනදිග බංග්ලාදේශයේ සිටකුන්දා නගරයේ මධ්‍යම රාත්‍රියට පෙර අභ්‍යන්තර බහාලුම් ගබඩාවක් තුළ ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයන් 16දෙනෙකු මිය ගොස් 450දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
චිතගොං වෛද්‍ය විද්‍යාල රෝහල මරණ සංඛ්‍යාව තහවුරු කර ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
පොලිස් සහ ගිනි නිවන භටයින් ඇතුළු පුද්ගලයින් 450ක් පමණ පිළිස්සුම් තුවාල සහිතව චිතගොං වෛද්‍ය විද්‍යා රෝහලට සහ තවත් රෝහල්වලට ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.
බංග්ලාදේශය තුළ මෙවැනි ගිනි ගැනීම් සහ ගොඩනැගිලි කඩා වැටීම් බොහෝ අවස්ථාවල වාර්තා වන අතර, ආයතනික පරිසරයන් තුළ සේවක ආරක්ෂාව සම්බන්ධයෙන් මතභේදාත්මක සිද්ධීන් පිළිබඳ චෝදනා එල්ල වෙයි.