බංග්ලාදේශ බස් රථ අනතුරින් මරණ 19ක්


බංග්ලාදේශයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක ගමන් කළ බස් රථයක් සිය වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුරට පත්ව අගලකට පෙරළී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 19දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර හේතුවෙන් තවත් සැලකිය යුතු පුද්ගලයන් පිරිසක් තුවාල ලබා ඇති අතර, එසේ තුවාල ලැබූවන්ගෙන් සැලකිය යුතු පිරිසකගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවද පවසයි.



Recommended Articles