බංග්ලාදේශ ඩකා ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරකයන්ට මරණීය දණ්ඩනය


වර්ෂ 2016 දී බංග්ලාදේශයේ ඩකා අගනුවර ආපන ශාලාවකදී විදේශිකයන් ඇතුළු පුද්ගලයන් රැසකට මරු කැඳවමින් එල්ල කළ ඉස්ලාමී ත්‍රස්ත ප්‍රහාරයේ චූදිතයන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

ඩකා හි හෝලි ආර්ටිසන් කැෆේ වෙත මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදීය. එහිදී, ආපන ශාලාවේ සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගත් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම අන්තවාදී ඉස්ලාමී ත්‍රස්තයන් පිරිසකි.

ප්‍රහාරය සැලසුම් කිරීම සහ ආයුධ සැපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අට දෙනෙකු නඩු විභාගයට භාජනය වූ අතර, ඉන් එක අයෙකු නිදොස් කොට නිදහස් කරන ලදී.

පැය 12කට අධික කාලයක් ඇදී ගිය මෙම ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ බහුතරය ඉතාලි හෝ ජපාන ජාතිකයන් විය.

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගත්තද, මෙය එරටම ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් ව බංග්ලාදේශය කීය. එහිදී, ප්‍රහාරය දියත් කළ තුවක්කුකරුවන් සියල්ලන්ම ආරක්ෂක අංශ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය.

බංග්ලාදේශ මුස්ලිම් රාජ්‍ය අස්ථාවර කිරීමට කටයුතු කළ බලවේගයක් ලෙස මෙම ජිහාඩ් අන්තවාදීන්ව සැලකූ බංග්ලාදේශය, ඉතා දැඩි ලෙස ඔවුන් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටියි.



Recommended Articles