බංග්ලාදේශ කොවිඩ් ආසාදිත අගය 100,000 ඉක්මවා ගිහින්


බංග්ලාදේශයේ බ්‍රහස්පතින්දා දිනයේ නව කොවිඩ්-19 වෛරස ආසාදිතයන් 3,803 ක් වාර්තා වී ඇති අතර, ඒ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 100,000 සීමාව පසුකර ගිය බව බංග්ලාදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

එමෙන්ම ඊයේ දිනයේදී කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාවද 38ක් ලෙස වාර්තා වූ අතර, සමස්ත මරණ සංඛ්‍යාව 1,340 ඉක්මාව ඇති බවද පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අද (19දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව බංග්ලාදේශයේ සමස්ත ආසාදිත අගය දක්වා තිබුණේ 102,292ක් ලෙසිනි.

එසේම කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව අද (19දා) අලුයම සටහන් වූයේ 1,343ක් ලෙසිනි.

දකුණු ආසියාවේ ජනාකීර්ණ රටක් ලෙස සැලකෙන බංග්ලාදේශයේ ආසාදිත අගයද මේ වනවිට ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන අතර, පසුගිය දින පහ තුළ අවම වශයෙන් දිනකට ආසාදිතයන් 3,000ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය දත්තවල දැක්වෙයි.

බංග්ලාදේශයේ ඩකා අගනුවර ආශ්‍රිත ප්‍රදේශයේ පමණක් ආසාදිතයන් 26,000කට වැඩි පිරිසක් සිටින බවද එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles