බංග්ලාදේශ ආසාදිතයන් රෝහල් කරා නොපැමිණේ - නිවසේදී මියැදීම හොඳලු


බංග්ලාදේශයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් රෝහල්වලට ඇතුළු වීමට බියක් දැක්වීම හේතුවෙන් එරට රෝහල්වල ඇඳන් දහස් ගණනක් හිස්ව ඇති බව වාර්තා වෙයි.

එරට සමහර රෝගීන් සෞඛ්‍ය සේවකයන්ට පවසා ඇත්තේ “රෝහලක මිය යෑමට වඩා නිවසේදී මිය යන” බවයි.

බංග්ලාදේශයේ කොවිඩ්-19 ආසාදිතයන් 181,129 දෙනෙකු මේ වනවිට වාර්තා වන අතර, ගෙවීගිය දිනයේ තවත් ආසාදිතයන් 3,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

විශේෂයෙන් ආසාදිතයන් රෝහල් කරා පැමිණීම වැළකීම නිසා සමස්ත ආසාදිතයන් සොයාගැනීමද දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව බංග්ලාදේශයෙන් වාර්තා වෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව මේ වනවිට බංග්ලාදේශයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 2,305කි.



Recommended Articles