නව මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසත්, බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්විය යුතු බවටත් බලකරමින් දස දහස් ගනනක් විරෝධතාකරුවන් අද (11දා) ඩකා නගරයේ වීදි බැස තිබේ.
අගනුවර මහජන විරෝධතාව සංවිධානය කරන ලද්දේ විපක්ෂයේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) විසිනි.
සෙනසුරාදා විරෝධතාව පැමිණෙන්නේ හසීනාට ඉල්ලා අස්වන ලෙස සහ නව මැතිවරණයක් ඉල්ලා සිටින බංග්ලාදේශයේ විරෝධතා රැල්ලක් මධ්‍යයේය.
හසීනා ප්‍රතිචාර දක්වා ඇත්තේ විපක්ෂ නායකයන් "ගිනි තැබීමේ ත්රස්තවාදීන්" ලෙස හඳුන්වමිනි. විශාලතම විරුද්ධ පක්ෂය වන BNPට නැවත බලයට පැමිණීමට ඉඩ නොදෙන ලෙස ඇය ජනතාවට අනතුරු අඟවා ඇත.
සෙනසුරාදා විරෝධතාවයට පෙරාතුව කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, සිකුරාදා පක්ෂයේ මහලේකම් මිර්සා අලම්ගීර් ඇතුළු ඉහළම BNP නායකයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.