නව කොරෝනා වෛරස ආසාදිතයන් පෝලන්තයේ ගල් අඟුරු ආකාර 12ක් ආශ්‍රිතව හඳුනා ගැනීමත් සමග මෙම 'උණුසුම් ස්ථාන' තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, සිලීසියා පතල් කලාපයේ මේ වනවිට තහවුරු වී ඇති ආසාදිතයන් 10,000කට වඩා වැඩිය. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව පෝලන්තයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අවම වශයෙන් 27,842ක් වන අතර, මරණ 1,206කි.
පෝලන්ත දිනපතා ව්‍යාපාරික පුවත්පතක් වන ගැසෙටා ප්‍රව්නා වාර්තා කරන ආකාරයට, ගල් අඟුරු සමාගම් විසින් සපයන ලද සංඛ්‍යාලේඛනවලට අනුව අවම වශයෙන් ගල් අඟුරු ආකර දෙකක අවම වශයෙන් ආසාදිතයන් 1,000කට වඩා හමුවී තිබේ.
"මට තදින්ම අවධාරණය කර සිටින්නේ, සිලීසියා කලාපයේ තිරස් සම්ප්‍රේෂණයක් තවම දැකගන්නට නැහැ. බොහෝ සිද්ධීන් වාර්තා වන්නේ සේවා ස්ථාන තුළයි. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ මේ ගැටලුව එකවර විසඳා ගැනීමට වගේම, ඉදිරි සති තුනක් ඇතුළත මේ ගල් අඟුරු ආකරවලට යළිත් තම කොන්ත්‍රාත්තු සැපයීමට හැකි පරිසරයක් ගොඩනැගීමටයි." යනුවෙන් එරට සෞඛ්‍ය අමාත්‍ය ලූකස් සුමොව්ස්කි පවසා සිටියේය.