පොහොර මිල ඉහළ යාම ගෝලීය සාගින්න අවුස්සයි


රුසියාවට සහ බෙලරුසියාවට පනවා ඇති නවතම සම්බාධක හේතුවෙන් පොහොර සඳහා වන ගෝලීය මිල එදාමෙදා තුර පැවති ඉහළම මට්ටමට පැමිණ තිබේ. මෙම රටවල් දෙක පොටෑෂ් (යවකාර ලුණු) ප්‍රධාන අපනයනකරුවන් වෙයි.

පොටෑෂ් යනු පොටෑසියම් බහුල ලවණයක් වන අතර එය වසර මිලියන ගණනකට පෙර වාෂ්පීකරණය වූ මුහුදු පතුලෙහි සෑදුණු භූගත තැන්පතුවලින් කැණීම් කර ලබාගනී. එය ගෝලීය කෘෂිකාර්මික කර්මාන්තය සඳහා තීරනාත්මක වන අතර, දැනටමත් වසංගත ආශ්‍රිත ගැටලු නිසා එහි සැපයුම පීඩනයකට ලක්ව තිබුණි.

ග්‍රීන් මාර්කට්ස් නෝර්ත් ඇමෙරිකා පොහොර මිල දර්ශකයට අනුව, පසුගිය සතියේ පොහොර මිල පෙර සතියට සාපේක්ෂව 10%කින් පමණ ඉහළ ගොස් තිබුණේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගයෙනි. එසේම යුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයුම ආරම්භ වීමට පෙර, එනම් මාසයකට පෙර තත්ත්වය හා සැසඳීමේදී වත්මන් මිල ගණන් 40% කින් වැඩි බව දර්ශකය පෙන්නුම් කරයි.

රුසියාව සහ බෙලරුසියාව යූරියා සහ පොටෑෂ් ඇතුළු තීරණාත්මක පොහොර සංයෝග කිහිපයක ප්‍රධාන අපනයනකරුවන් වේ.



Recommended Articles