පොලීසියේ නොසැලකිල්ල නිසා දිවි අහිමි වූ රුමේනියානු දැරියක්


දූෂණය කර මරා දැමුණු රුමේනියානු දැරියක් තමා බේරාගන්නා ලෙස තෙවරක් පොලීයට කතාකර තිබුණත්, එය නොසලකා හැරීම හේතුවෙන් එරට පොලිස් ප්‍රධානියා ධුරයෙන් පහ කර තිබේ.

15 හැවිරිදි ඇලෙක්සැන්ඩ්‍රා නම් වූ දැරිය හිච්හයික් ක්‍රමයට ගමන් පහසුවක් ලබාගැනීමට යාමේදී මෝටර් රථ රියදුරෙකු විසින් ඇයව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් දූෂණය කර මරා දමා ඇත.

කෙසේ වෙතත්, ඔහුගේ ග්‍රහණයේදී ඇය පොලීසිය වෙත තෙවරක් දුරකථන ඇමතුම් ලබාදී තමා බේරාගන්නා ලෙස දන්වා තිබුණත් පොලීසිය එය ගණනකට ගෙන නොමැති බව මූලික පරීක්ෂණවලින් හෙළවී ඇත.

ඒ වෙනුවට, ඇය සිටින ස්ථානය හරිහැටි හඳුනාගැනීමට නොහැකි වූ බව පමණක් පොලීසිය පවසා තිබේ.

කෙසේ වෙතත්, අවසානයේදී පොලිස් වරෙන්තුවක් අවශ්‍ය නැතත්, එවැනි වරෙන්තුවක්ද රැගෙන පැය 19කට පසුව අදාළ සැකකරුගේ නිවෙස පරීක්ෂා කර මෙම දැරියගේ ආභරණ කිහිපයක් සොයාගැනීට පොලීසියට හැකිවී තිබේ.

මෙම සිද්ධියෙන් සමස්ත රුමේනියාවම කම්පනයට පත්ව ඇති අතර, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් පොලිස් ප්‍රධානියා ධුරයෙන් පහ කර තිබේ.

මේ සම්බන්ධයෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණය පවා පොලීසිය මෙය සුළුවෙන් තැකීම ගැන පුදුමයට පත්ව තිබේ.



Recommended Articles