පේරු හි නව කොරෝනා ආසාදිතයන් 4,000 ඉක්මවයි


පේරු රාජ්‍යයේ නව කොරෝනා වෛරස ආසාදිත අගය ගෙවීගිය දිනයේදී 4,020ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (26දා) උදෑසන වනවිට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිත අගය දැක්වුණේ 123,979ක් ලෙසිනි.

ගෙවීගිය දිනයේ සිට මේ දක්වා වාර්තා වූ අතිරේක මරණ 173ක් ඇතුළුව පුද්ගලයින් 3,629ක් කොවිඩ්-19 ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් එරට මේ දක්වා වාර්තා වූ වෛරසය ආසාදිතයන්ගෙන් 50,949ක් සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles