පේරු සංක්‍රමණික නීති දැඩි කරයි වෙනිසියුලානුවන් ඉක්මන් වෙයි


පේරු රාජ්‍යයට ඇතුළු වීම සඳහා නව සංක්‍රමණික නීති හඳුන්වාදීමත් සමග එරට දේශසීමා අසලට වෙනිසියුලානුවගේ පැමිණීම වේගවත් වී ඇති බව වාර්තා වෙයි.

පේරු රාජ්‍ය හඳුන්වා දුන් නව නීති අනුව, ඉදිරියේදී එරටට ඇතුළු වන්නේ නම් ගමන් බලපත්‍රයක් සහ වීසා අවශ්‍ය බව ඔවුන් වෙනිසියුලාවට දන්වා ඇත.

බලධාරීන් පවසා තිබුණේ, අසල්වැසි ඉක්වදෝරයේ සිට පසුගිය බ්‍රහස්පතින්දා වනවිට 6,000ක් පමණ දේශසීමා තරණය කළ බවයි. මෙය සාමාන්‍ය දෛනික සංක්‍රමණික සංඛ්‍යාව බොහෝ සේ ඉක්මවීමකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත අනුව 2015 වසරේ සිට මේ දක්වා වෙනිසියුලානුවන් මිලියන 4ක් මේ වනවිට රට අත්හැර ගොස් ඇත.

ආර්ථික අරාජිකත්වයට ලක්වූ වෙනිසියුලාව තුළ පවතින දැඩි රැකියා වියුක්තිය සහ ආහාර සහ සෞඛ්‍ය පහසුකම්වල හිඟකම මේ ආකාරයේ දැඩි මානුෂීය අර්බුදයක් එරට තුළ උත්සන්න කර ඇත.



Recommended Articles