පේරු රාජ්‍යය බදාදා දිනයේ ඉතාලියේ තහවුරු කරනලද කොවිඩ්-19 අසාදිතයන් සංඛ්‍යාව අභිභවා යමින් ලොව පුරා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන හත්වැනි රට බවට පත්ව තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වනවිට පේරු රාජ්‍යයෙන් තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 240,908කි. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේ වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 7,257ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
ඉතාලියේ මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 237,828ක් බව ජෝන්ස් හොප්කින්ස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.