පේරු කොවිඩ්-19 ආසාදිත පිරිස 200,000 ඉක්මවා යයි


පේරු හි අඟහරුවාදා (09දා) වනවිට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයන් 200,000ක් ඉක්මවා ගොස් ඇති බව එරට රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනයේදී රට තුළ නව ආසාදිතයන් 4,040ක් වාර්තා වී ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව එරටින් වර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 203,736කි.

මේ අතර ඊයේ දිනයේ පේරු හි කොවිඩ්-19 මරණ 167ක් වාර්තා වූ අතර, ඒ සමග රටේ සමස්ත මරණ සංඛ්‍යාව 5,738ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට ලතින් ඇමෙරිකා කලාපයේ කෝවිඩ්-19 වසංගතයේ උණුසුම් ස්ථානයක් බවට පේරු රාජ්‍යයද පත්ව තිබේ.



Recommended Articles