පේරු ආසාදිතයන් 115,000 ඉක්මවයි - මරණ 3,373 ක්


ලතින් ඇමෙරිකාවට අයත් පේරු හි කොරෝනා වෛරස තහවුරු වූ ආසාදිත සංඛ්‍යාව 115,754ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර දිනට වඩා ආසාදිතයන් 4,056ක වැඩිවීමක් බව පේරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සහ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව පේරු හි වෛරසය ආසාදිත පුද්ගලයන් 3,373 දෙනෙකු මියගොස් ඇති අතර, ඊට පෙර දින සිට මේ දක්වා වාර්තා වූ අතිරේක මරණ සංඛ්‍යාව 129කි.

මෙ අතර පේරු රාජ්‍යයේ මේ දක්වා වෛරසය ආසාදිත වූවන්ගෙන් 47,915 දෙනෙකු සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.



Recommended Articles