කුරුළු උණ පැතිරීම හේතුවෙන් පේරු රාජ්‍යයේ පසුගිය සති කිහිපය තුළ පෙලිකන් සතුන් 5,500කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ.
මියගිය සතුන්ගේ මළකුණුවලින් වෙරළ තීරයන් කිහිපයක් පිරී ඇති අතර, සමහර ඒවා ආරක්ෂිත ප්‍රදේශවලින්ද සොයාගෙන ඇත.
ජීව විද්‍යාඥයන්ට අනුව H5N1 කුරුළු ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයෙන් කුරුල්ලන් 13,000කට වඩා මිය ගොස් ඇත.
එය ගොවිපල කුකුළු මස්වලට පැතිරීම වැළැක්වීම සඳහා පේරු බලධාරීන් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර ඇත.
H5N1 ඔවුන්ගේ අසූචි සහ කෙළ හරහා කුරුල්ලන් අතර ඉතා ඉක්මනින් පැතිර යා හැකි බවද කියැවේ.
ආසාදිත පක්ෂියෙකු සමග සමීප සම්බන්ධතා පවත්වන්නේ නම් වෛරසය මිනිසුන්ටද පැතිර යා හැකිය. නමුත් විද්‍යාඥයින් පවසන්නේ වත්මන් ප්‍රභේදයෙහි අඩු අවදානමක් ඇති බව පෙනෙන බවය.
පේරු හි කෘෂිකාර්මික සෞඛ්‍ය බලධාරීන් මිනිසුන්ට අනතුරු අඟවා ඇත්තේ වල් පක්ෂීන් හෝ උන්ගේ මළකුණු හසුරුවා නොගන්නා ලෙසත් මිය ගිය සතුන් දුටුවහොත් ඔවුන්ට දැනුම් දෙන ලෙසත් ය.