පෙර නොවූවිරූ ලෙස මාරාන්තික එබෝලා යළි අප්‍රිකාව වෙලාගෙන


මධ්‍යම අප්‍රිකාවේ යළිත් මතුව තිබෙන එබෝලා වෛරසය සැබවින්ම බිය උපදවනසුළු බව ප්‍රමුඛතම සෞඛ්‍ය පර්යේෂණ ආයතයක ප්‍රධානියා අනතුරු අඟවයි.

කොංගෝ ජනරජයේ පමණක් මෙම නව එබෝලා වසංගතය හේතුවෙන් පුද්ගලයන් 1,400ක් දැනට ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙල්කම් ට්‍රස්ට් නමැති පර්යේෂණ ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ජෙරමි ෆරාර් පවසන්නේ 2013 - 2016 අතර කාලයේ ඇති වූ එබෝලා වසංගතයට වඩා මෙවර තත්ත්වය වඩාත් දරුණු බවයි. මෙවර වසංගතය නතරවීමේ කිසිදු සලකුණක් නොපෙන්වන බව හෙතෙම අවධාරණය කරයි.

මේ අතර, ආසන්නතම උගන්නා රාජ්‍යයේද එබෝලා වැළඳීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙය එරට වාර්තා වූ ප්‍රථම එබෝලා මරණ බවට පත්ව තිබේ. එමෙන්ම, එබෝලා වැළඳුණු තවත් රෝගීන් 6 දෙනෙකු උගන්ඩාවෙන් හඳුනාගෙන ඇත.



Recommended Articles