පෙර දිනට සාපේක්ෂව බ්‍රසීල කොවිඩ් මරණ දෙගුණයක්ලු


ගෙවීගිය පැය 24 තුළ බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව කොවිඩ්-19 මරණ 1,280 ක් වාර්තා කර ඇති අතර එය පෙර දිනට සාපේක්ෂව දෙගුණයක් බව කියයි.

රියෝ ද ජැනෙයිරෝ ප්‍රාන්තය පමණක් අඟහරුවාදා වනවිට වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 10,000ක් ඉක්මවා ඇති බැවින් රටේ සමස්ත මරණ සංඛ්‍යාව 59,594ක් බව රියෝ ප්‍රාන්ත සෞඛ්‍ය ලේකම් පවසයි.

ජාතික සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අඟහරුවාදා තවත් නව ආසාදිතයන් 33,846ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටේ අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 1,402,041ක් වාර්තා වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයද අද (01දා) වාර්තා කර තිබේ.

අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද නව සමීක්ෂණයකින් හෙළි වූයේ බ්‍රසීල ජාතිකයන් අඩු සංඛ්‍යාවක් නිවසේ රැඳී සිටීමේ නියෝග පිළිපදින බවය. ඔවුන් වැඩිදෙනා රැකියාවකට හෝ වෙනත් ක්‍රියාකාරකම් සඳහා නිවසින් බැහැරට යන බව හෙළි වි තිබේ. 

වගකිම් විරහිත හැසිරීමක් පෙන්වූ බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ ක්‍රියාකලාපයද ජනතාවට ආදර්ශයක් නොවීම මීට හේතුව බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles