පෙම්වතිය ඝාතනය කළ බවට සජීව පාපොච්චාරණයක් කළ අය දැලේ


තම පෙම්වතිය වන සර්බ්ජිත් කෞර් ඝාතනය කළ බවට රූපවාහිනිය හරහා සජීව පාපොච්චාරණයක් කළ ඉන්දියානුවෙකු පොලීසියට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

27 හැවිරිදි මනින්දර් සිං උතුරු නගරයේ චන්දිගාර් හි නිව්ස් 18 රූපවාහිනී කාර්යාලයට ගොස් මාධ්‍ය වේදියෙකුට පවසා තිබුණේ තමන්ට පාපොච්චාරණය කිරීමට අවශ්‍ය බවය.

පසුව කාර්ය මණ්ඩලය ඔහුව මැදිරියකට ගෙන ගොස් ඔහුගේ පාපොච්චාරණය සජීව ප්‍රවෘත්තියක් ලෙස විකාශය කර තිබේ.

ඇතැම් දෙනා මෙය ජෝකර් චිත්‍රපටයේ දර්ශනයක් ලෙස සසඳන විට මෙම සිද්ධිය මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ගැටළු මතු කර ඇති බවට බලවත් විරෝධයක් මතු කළේය.

කෞර් තරුණියගේ දේහය පසුගිය දෙසැම්බර් 30 වැනි දින හෝටලයක තිබී සොයාගත්දා සිට පොලිසිය ඔහුගේ පවුලේ අයට හිරිහැර කර ඇති නිසා තමා මෙලෙස පාපොච්චාරණය කිරීමට පැමිණ ඇති බව ඔහු පැවසීය.

ඔහු මෙම ඝාතනය සිදුකළ අවස්ථාවේ සිට පලා ගොස් සිටියේය.



Recommended Articles