තම පෙම්වතා ජීවිතක්ෂයට පත්ව ඇති පුවත සැලවී පැය කිහිපයකට පසුව බිඳුණු හවතින් යුතු ඔස්ට්‍රේලියානු ජාතික යුවතියක් සියදිවි නසාගෙන ඇති පුවතක් වාර්තා වෙයි.
26 හැවිරිදි ඇලිස් රොබින්සන් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඇගේ මෝටර් රථය තුළ මියගොස් සිටියදී හමුවී ඇති අතර, තම පෙම්වතා වූ 29 හැවිරිදි ජේසන් ෆ්‍රැන්සිස් ඔවුන්ගේ නිවස අසලදී මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති පුවත සැලවීම මෙම හදිසි තීරණයට හේතුව බව ඇගේ පවුලේ ඥාතීහු පවසති.
ෆ්‍රැන්සිස් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුවත සැලවීමෙන් පැය කිහිපයකට පසුව ඔහුට කෙටි පණිවිඩයක් යවා ඇති ඇය “ඔහු හා එක්වීමට ඇගේ අභිප්‍රාය” බව පෙන්නුම් කර තිබේ.
ලී සහ ඩෝන් රොබින්සන් පැවසුවේ තම පෙම්වතාගේ මරණය දැනගත් පසු තම දියණියට රාජකීය පර්ත් රෝහලෙන් පිටව යාමට ඉඩ නොදිය යුතුව තිබූ බවයි. නමුත්, මේ සම්බන්ධයෙන් රෝහල් බලධාරීන්ට මෙන්ම, ඇගේ දෙමවුපියන්ටද වගකීමක් පවතින බව කියැවෙයි.
තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ හදිසි මරණයකදී ඇය හෝ ඔහු සිටින තැනට යාමට යැයි කියා මෙවැනි හදිසි තීරණවලට එලැඹීම අතිශය අනුවණ ක්‍රියාවක් බව වෛද්‍යවරු පෙන්වා දෙති.