පෙබරවාරි 1 දා හුබෙයි වෙතින් පමණක් නව ආසාධිතයන් 1921ක්


නව කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ, සෙනසුරාදා දිනයේ පමණක් නව ආසාදිතයන් 1,921ක් වාර්තා වූ අතර, තහවුරු කළ මුළු රෝගීන් සංඛ්‍යාව 9,074ක් විය.

සෙනසුරාදා දිනයේ හුබෙයිහි තවත් මරණ 45ක් වාර්තා විය; රෝගීන් 49 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ආසාදිතයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 48,571 දෙනෙකුද සොයා ගෙන ඇති අතර, ඉන් පුද්ගලයින් 43,121 ක් වෛද්‍ය පරීක්ෂාවට ලක්ව ඇති බව චීන මාධ්‍ය පවසයි.



Recommended Articles