පෙන්සිල්වේනියා අපේක්ෂක පරතරය ඡන්ද 26,319කට බසී


ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද 41,000කින් පමණ ඉදිරියෙන් සිටින පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් අතර ඡන්ද පරතරය මේ වනවිට 26,319ක් දක්වා පහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඡන්ද සමූහ (electoral votes) 20ක් සහිත පෙන්සිල්වේනියා ප්‍රාන්තය තුළ තවදුරටත් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියද, මෙය ඔහු පරාජයට පත්වුවහොත් නිතැතින්ම ට්‍රම්ප්ට ධවල මන්දිරයෙන් පිටත්ව යෑමට සිදුවන බව පැහැදිලිය. මන්දයත් මේ වනවිටත් ඡන්ද සමූහ (electoral votes) 253ක් බයිඩන් වෙත හිමිව ඇති බැවින් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බලය ඔහු සතු වුවහොත්, ජනපති පුටුවේ වාඩිවීමට අවශ්‍ය 270ක් වන ඡන්ද සමූහ (electoral votes) සංඛ්‍යාව ඉක්මවා යන බැවිනි.



Recommended Articles