එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඔහුගේ ඉන්දියානු නියෝජිත රාජ්නාත් සිං වෙතින්, දෙරට අතර සමීප හමුදා සබඳතාවක් ඉල්ලා සිටිමින්, චීනයෙන් සහ රුසියාවෙන් එල්ල විය හැකි තර්ජන ගැන අනතුරු අඟවා තිබේ.
සඳුදා සාකච්ඡා ආරම්භ වන විට ඔස්ටින් සිංට පැවසුවේ, "එක්සත් ජනපද-ඉන්දියා ආරක්ෂක හවුල්කාරිත්වයේ තීරණාත්මක මොහොතක අප හමුවෙනවා. වොෂිංටනය සහ නව දිල්ලිය යන දෙකම ජාතික ස්වෛරීත්වයට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් විශ්වාස කරන නමුත්, අපි මේ ඒකාබද්ධ දැක්ම තුළ අද වනවිට හදිසි සහ වැඩිවන අභියෝගවලට මුහුණ දී සිටිනවා" යනුවෙනි.
එහිදී, චීනය විසින් ඉන්දියාව සමග එහි දේශසීමාවේ යටිතල පහසුකම් ගොඩනඟමින් සහ දකුණු චීන මුහුදේ නීති විරෝධී භෞමික හිමිකම් පෑමෙන් කලාපයේ ආරක්ෂාවට වලකපන බව ඔස්ටින් පැවසීය. "එක්සත් ජනපදය ඔවුන්ගේ ස්වෛරී අවශ්‍යතා ආරක්ෂා කිරීමේදී ඉන්දියාව සමග සිටිනවා" යැයි ඔහු ප්‍රතිඥා දුන්නේය.
ඔස්ටින් තර්ක කළේ චීනය මෙන්ම රුසියාවද බලහත්කාරයෙන් පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරන බවය. "රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සහ එය නිර්මානය කර ඇති මානුෂීය විනාශය නීතිරීතිවලට සහ නීතියට අනුව පදනම් වී ඇති ජාත්‍යන්තර පර්යායට වල කැපීමේ නිර්ලජ්ජිත උත්සාහයක් බව කිව යුතුයි." ඔස්ටින් එසේ තර්ක කළත්, එක්සත් ජනපදයද බොහෝ රාජ්‍යයන් තුළ සිදුකළේ එයම නොවේදැයි විදෙස් විචාරකයෝ ප්‍රශ්න කරති.