පෘතුගාලයේ පැතිර යන ලැව්ගිනි නිවාදැමීමට කඩිනම් පියවර ගනී


මධ්‍යම පෘතුගාලයේ පැතිර යන ලැව්ගිනි නිවාදැමීම සඳහා සිය ගණනක් ගිනිනිවන භටයන් යොදා ඇති බවත්, ප්‍රදේශයේ ජනතාව නිවාසවලින් ඉවත් කරමින් සිටින බවත් වාර්තා වෙයි.

මෙම ලැව්ගිනි නිසා මේ වනවිට පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, ගිනි නිවන භටයන් හත් දෙනෙකුද තුවාල ලබා තිබේ.

කඳුකර කැස්ටේලෝ බ්‍රැන්කෝ පළාතේ වේගයෙන් පැතිර යන ලැව්ගිනි පාලනය සඳහා මේ වනවිට ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානාද යොදාගෙන ඇත.

අද (21දා) වනවිට ප්‍රධාන ගිනි දෙකක් නිවා දැමීමට සමත් වූ බව ගිනි නිවන භටයන් පවසා ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සෙනසුරාදා දිනයේදී මෙම ලැව්ගිනි තත්ත්වය හටගෙන තිබුණු අතර, පවතින වේගවත් සුළං දහරා නිසා ගින්න මැඬපැවැත්වීම අපහසු වී තිබේ.

එමෙන්ම, මෙම පළාත සමග සම්බන්ධ වන ප්‍රධාන මංමාවත් කිහිපයක්ම වසා දමා ඇති බවද වාර්තා වෙයි.



Recommended Articles