පෘතුගාලයට හා ස්පාඤ්ඤයට සංචාරය කිරීමෙන් වළකින්න


එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ස්පාඤ්ඤය, පෘතුගාලය, සයිප්‍රසය, කිර්ගිස්තානය සහ කියුබාව යන රටවලට සංචාරය නොකරන ලෙසට අනතුරු ඇඟවූයේ එම රටවල කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනි.

රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ සංචාරක උපදේශනය සිව්වැනි මට්ටමට හෙවත් ඉතා ඉහළ මට්ටමට ගෙන එමින්, ඇමෙරිකානුවන්ට කියා සිටියේ ඔවුන් එහි සංචාරය කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි. එමෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංචාරය නොකරන්න යන උපදේශන නිකුත් කර ඇත.

ස්පාඤ්ඤය සිය දේශසීමා එක්සත් ජනපද සංචාරකයන් සඳහා පසුගිය ජුනි මාසයේදී නැවත විවෘත කළ අතර, එතැන් සිට ඇමෙරිකානුවන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් විය.

රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින් මීට අමතරව කියුබාව වෙතද සිව්වැනි මට්ටමේ සීමාවක් දමා ඇති අතර, ඊශ්‍රායලය, බටහිර ඉවුර සහ ගාසා තීරයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරමින් තෙවැනි මට්ටමේ සීමාවක් දමා තිබේ.



Recommended Articles