පෘතුගාල පල්ලියේ අපයෝජන සම්බන්ධයෙන් අනාවරණයක්


පෘතුගාලයේ කතෝලික පල්ලියේ සාමාජිකයන් අතින් දරුවන් 4,815ක් අපයෝජනයට ලක්ව ඇති බවත්, ඉන් බහුතරයක් පූජකවරුන් බවත් පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

පසුගිය වසර 70ක තොරතුරු අළලා සැකසුණු කොමිෂන් වාර්තාව, දැවැන්ත අයිස් කන්ඳකින් ඉහළට මතුවූ කුඩා කොටසක් පමණක් බවද කියැවේ.

එහිදී මෙම අපචාරයන් පිළිබඳ පරීක්ෂණයන්ට අනුව, චූදිතයන් 77%ක්ම පූජකයන් බව හෙළිවී ඇති අතර, කතෝලික පාසල්, පල්ලි, පූජක නිවස ඇතුළු ස්ථානවලදී මෙම අපචාරයන් සිදුව ඇති බවද කියැවේ.



Recommended Articles