පෘතුගාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවයි


පෘතුගාලයේ ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ 2022 ජනවාරි 30 වැනි දින නව මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

වත්මන් සමාජවාදී පක්ෂ (PS) ආණ්ඩුවේ 2022 රාජ්‍ය අයවැය පසුගිය මස අගදී පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය විසඳීමේ ප්‍රයත්නයක් ලෙස ජනාධිපතිවරයා රූපවාහිනිය හරහා ජාතිය අමතමින් ආණ්ඩුව විසුරුවා හැරියේය.

එසේම පෘතුගාල පාර්ලිමේන්තුවේ වසර 45කට පසු රාජ්‍ය අයවැය අනුමත නොකළ පළමු වැනි අවස්ථාව මෙය විය.

අයවැය ප්‍රතික්ෂේප කළහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර කඩිනමින් මැතිවරණයක් පවත්වන බවට රෙබෙලෝ ද සූසා පාර්ලිමේන්තු විවාදයට පෙරදීම සඳහන් කර තිබුණි.



Recommended Articles