පූටින් ස්පුට්නික් ලයිට් බූස්ටර් එන්නත විදගනී


රුසියාවේ එක් මාත්‍රාවක එන්නතක් වන ස්පුට්නික් ලයිට් එන්නත භාවිතා කරමින් තමාට බූස්ටර් එන්නත් මාත්‍රාව ලැබුණු බව ජනාධිපති වැල්ඩිමීර් පූටින් පවසයි.

ස්පුට්නික් එන්නත් නිපදවන ගමේලියා හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩෙනිස් ලොගුනොව් සමග පැවති හමුවකදී තුන්වැනි එන්නත් මාත්‍රාව ලැබීමෙන් පසුව තමාට අපහසුවක් නොදැනෙන බවද පූටින් සඳහන් කළේය.

ස්පුට්නික් වී එන්නතෙහි පළමු එන්නත් මාත්‍රාව පසුගිය මාර්තු 23 වැනි දින සහ දෙවැනි එන්නත් මාත්‍රාව අප්‍රේල් 14 වැනි දින පූටින්ට විදගනු ලැබීය.

මේ අතර ගමේලියා ආයතනය කොවිඩ්-19 රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් සකස් කරමින් සිටින බවත් 2022 අවසානය වනවිට එය ලියාපදිංචි කිරීමට අපේක්ෂා කරන බවත් මෙම ගහුවේදී ඩෙනිස් විසින් පූටින් වෙත පවසා තිබේ.



Recommended Articles