රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සහ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් යන දෙදෙනාම අඟහරුවාදා යුක්රේනයට එරෙහි යුද්ධයක් වැළැක්වීමේ අවශ්‍යතාව සහ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හරහා අර්බුදය සමථයකට පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.
යුක්රේනය සම්බන්ධ අර්බුදය සමග රුසියාවේ හදිසි සංචාරයක නිරත වූ ජර්මානු චාන්සලර්වරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර සාකච්ඡාවේදී මෙම කරුණු ඉස්මතු වී තිබේ.
"අපට මෙය (යුද්ධය) අවශ්‍යද යන්න සම්බන්ධයෙන් කතා කළොත්, ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය නැහැ. සැමට සමාන ආරක්ෂාවක් සහතික කිරීම සඳහා එකඟතාවයකට පැමිණීම සඳහා සාකච්ඡා ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා අපි යෝජනා ඉදිරිපත් කළේ ඒ නිසයි" ෂෝල්ස් සමග ක්‍රෙම්ලිනයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවේදී පූටින් ප්‍රකාශයක් අතරතුර පැවසීය.
ෂෝල්ස් පැවසුවේ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (NATO) සහ යුරෝපා සංගමයේ ස්ථාවරයන් රුසියාවේ ස්ථාවරයන්ට වඩා වෙනස් විය හැකි නමුත් සංවාදය තීරණාත්මක ලෙස සිදුවෙමින් පවතින බවයි.
යුරෝපය දශක ගණනාවක් තුළ එහි භයානකම අර්බුදයකට මුහුණ දී සිටින අතර යුක්රේනය සම්බන්ධයෙන් පවතින ආතතීන් සමනය කර ඇතිවිය හැකි යුද්ධයක් වැළැක්වීමේ හදිසි අවශ්‍යතාවයක් පවතින බව ජර්මානු නායකයා අවධාරණය කළේය.
යුරෝපයේ යුද්ධයක් "සිතාගත නොහැකි" බැවින්, ෂෝල්ස් සැලකුවේ පුටින්ගේ සහ ඔහුගේම යුතුකම ලෙස මහද්වීපය තුළ කිසියම්ම ආකාරයක හමුදාමය උත්සන්න වීම් වැළෑක්වීමයි.
"රාජ්‍යතාන්ත්‍රික අවස්ථා තවම අවසන් වී නැහැ. සමහර (රුසියානු හමුදා) ඒකක (දේශසීමා වලින්) ඉවත් කර ගන්නා බව අපට ආරංචි ලැබී ඇති අතර, මෙය හොඳ සලකුණක්" ෂෝල්ස් පැවසීය.
රුසියාවේ ආරක්ෂක උත්සුකයන් සම්බන්ධයෙන්, නේටෝවේ ව්‍යාප්තිය න්‍යාය පත්‍රයේවත් නොමැති බව ෂෝල්ස් පූටින්ට සහතික විය.
කෙසේ වෙතත්, පුටින් පැවසුවේ යුක්රේනය නේටෝවට ඇතුළත් විය හැකි ප්‍රවේශය කල් දැමීමෙන් රුසියාවට කිසිවක් විසඳිය නොහැකි බවත්, මොස්කව්ට අවශ්‍ය වන්නේ එහි ආරක්ෂක ගැටළු බැරෑරුම් ලෙස ආමන්ත්‍රණය කිරීම බවත්ය.
"රුසියාව සැලැස්මට අනුකූලව ක්‍රියා කරනු ඇති අතර, නේටෝවේ ඉදිරි පියවරයන් නවතම යථාර්ථයන් පිළිබිඹු කරනු ඇති. නමුත් තත්ත්වය දිග හැරෙන්නේ කෙසේදැයි කිසිවෙකුට අනාවැකි කිව නොහැකියි. කෙසේ වෙතත්, මොස්කව්, පවතින සියලු ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් විසඳීමට උත්සාහ කරනවා." යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.