ජනාධිපති ව්ලැඩිමීර් පූටින් යුක්රේනය ආක්රමණය කළහොත් රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමේ සැලසුම් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්රංශය, ජර්මනිය සහ ඉතාලිය සූදානම් බව විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ පූටින් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර රටවල් හතරේ නායකයන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති බව කියයි.
රුසියාව පවසන්නේ තම බටහිර අසල්වැසියා ආක්රමණය කිරීමට තමන්ට කිසිදු සැලසුමක් නොමැති බවය. ඒ වෙනුවට යුක්රේනය වෙතින් සතුරු චේතනාවන් පැනනැගුණොත් ඊට එරෙහිව රුසියාව අනතුරු අඟවා ඇති බවත්ය. කෙසේ වෙතත්, එක්සත් ජනපදය සිය බුද්ධි තොරතුරු සහ දේශසීමාවේ රුසියානු හමුදා ගොඩනැගීම යන දෙකම තර්ජනයක් ලෙස පෙන්වා දෙයි.