පූටින් බටහිර රාජ්‍යයන්ට අනතුරු ඇඟවීමක් කරයි


ඇතැම් බටහිර රටවල් විදේශයන්හි ඇති තම රටේ දේපළ අත්පත් කර ගැනීමට යෝජනා කිරීමට ප්‍රතිචාර දක්වමින්, වත්කම් ජනසතු කිරීම දෙබිඩි ආයුධයක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි.

"අපගේ සමහර වත්කම් ජනසතු කළ හැකි බවට සමහර නිලධාරීන්ගෙන් නිවේදන දැනටමත් අපට අසන්නට ලැබෙනවා. හොඳයි, මෙය බොහෝ දුරට ගෙන යා හැකියි. මෙය දෙබිඩි ආයුධයක් බව කිසිවකුත් අමතක නොකළ යුතුයි" ඔහු අනතුරු ඇඟවීය.

රුසියානු ගෑස් සම්බන්ධයෙන් එල්ල කළ පීඩනය හමුවේ ගෝලීය බලශක්ති ක්ෂේත්‍රයේ තත්ත්වය සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති බවද පූටින් සඳහන් කළේය. "ආර්ථිකයේ සහ බලශක්තියේ ඔවුන්ගේම වැරදිවල වරද රුසියාව මත පැටවීමට උත්සාහ කරන බවට" පුටින් යුරෝපීය ජාතීන්ට චෝදනා කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා මොස්කව් වෙත සම්බාධක පැනවූ රටවලට අනාගතයේදී රූබල් මුදල් ඒකකයෙන් ගෑස් සඳහා ගෙවීමට අවශ්‍ය නියෝගයකට ජනාධිපතිවරයා අත්සන් කළේය. ක්‍රෙම්ලිනය අනතුරු අඟවා ඇත්තේ මෙයට අනුගත වීම ප්‍රතික්ෂේප කිරීම යනු බලශක්තියේ අවසානය බවයි. මොස්කව් අවධාරනය කරන්නේ ඩොලර් සහ යුරෝ සෙල්ලම අවසන් බැවින්, ජාතික මුදලට මාරු වීම හැර වෙනත් විකල්පයක් රුසියාවට නොමැති බවයි.



Recommended Articles