පූටින් තවදුරටත් ඇමරිකානු නායකත්වයට ගරු කරන්නෑ


රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් තවදුරටත් ඇමෙරිකානු නායකත්වයට ගරු නොකරන බවත්, න්‍යෂ්ටික අවි ගැන සැමවිටම කතා කරමින් ගෞරවයක් නොමැතිකම පෙන්නුම් කරන බවත් හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඉරිදා නෙබ්‍රස්කා හි පැවති රැලියකදී අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ ජෝ බයිඩන්ගේ පරිපාලනය මෙන් නොව, ඔහුගේ නායකත්වය යටතේ ඇමෙරිකාව ශක්තිමත්ව, ඇමෙරිකාව ඇතැම්විට පෙර නොවූවිරූ ලෙස ගෞරවය ලබමින් පැවති බවය.

"දැන් වෙනත් රටවල නායකයන් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම්වලට පවා ආපසු පිළිතුරු දෙන්නේ නැහැ" ඔහු පැවසුවේ, සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයන් බයිඩන් සමග ඉහළ යන තෙල් මිල ගැන සාකච්ඡා කිරීමට ඇමතුම් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට මාර්තු මස වාර්තා සඳහන් කරමිනි.



Recommended Articles