ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් සහ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් විසින් යුක්රේනය තුළ වහාම සටන් විරාමයක් ඇති කරමින්, ගැටුමට රාජ්ය තාන්ත්රික විසඳුමක් ලබාදෙන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගෙන් ඉල්ලා තිබේ.
ජර්මානු රජයේ ප්රකාශක ස්ටෙෆන් හෙබෙස්ට්රේට් පවසන පරිදි මිනිත්තු 75ක දීර්ඝ සාකච්ඡාවේදී මැක්රෝන් සහ ෂෝල්ස් ගැටුමට රාජ්ය තාන්ත්රික විසඳුමක් කරා යන ලෙස පූටින්ට වෙත ආයාචනා කර ඇත.
ක්රෙම්ලිනයේ ප්රකාශයකට අනුව පූටින් පසුගිය දිනවල රුසියානු සහ යුක්රේන නියෝජිතයින් විසින් වීඩියෝ සම්මන්ත්රණය හරහා පැවැත්වූ සාකච්ඡා මාලාව පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක්ද මෙම සාකච්ඡාවේදී පෙන්වා දී ඇති අතර, යුක්රේනයේ ජාතිකවාදී බලවේග විසින් සිදුකරන සාපරාධී ක්රියා වැළැක්වීමට පියවර ගන්නා ලෙස යුක්රේන රජයට ඒත්තු ගන්වන ලෙස බටහිර නායකයන්ගෙන් ඉල්ලා තිබේ.
මෙම ජාතිකවාදී බලඇණි නිතිපතා ගලවා ගැනීමේ මෙහෙයුම් කඩාකප්පල් කරමින් සිවිල් වැසියන් ඉවත් කිරීමට උත්සාහ කරන විට ඔවුන් ප්රාණ ඇපයට ගෙන මිනිස් පළිහක් ලෙස යොදා ගන්නා බවට ක්රෙම්ලිනය චෝදනා කරයි.
කෙසේ වෙතත් යුක්රේන ගැටලු සම්බන්ධයෙන් දිගටම සාකච්ඡාමය සංවාදයක නිරත වීමට නායකයන් තිදෙනා එකඟ වූ බව ක්රෙම්ලිනය වැඩිදුරටත් පැවසීය.