රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් දුරකථන සංවාදයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම නායකයන් යුක්රේන ගැටලුව ගැන මෙම හදිසි සාකච්ඡාව සිදුකළ බව ක්‍රෙම්ලිනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
"යුක්රේනයේ අභ්‍යන්තර ගැටුම අවසන් කිරීමට ගත් උත්සාහයේ කනස්සල්ලට හේතු වූ අස්ථාවරභාවය පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කෙරුණා. 2015 මින්ස්ක් ගිවිසුම් ක්‍රියාවට නැංවීමේ ඇති වැදගත්කම සමථයකට පත්විය හැකි එකම පදනම ලෙස නායකයින් තිදෙනා සඳහන් කළා." එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි.