පුටින් සමග සාකච්ඡා කිරීමට සූදානම් - සෙලෙන්ස්කි කියයි


යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති වොල්ඩොමීර් සෙලෙන්සිකි ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සීඑන්එන් නාලිකාව සමග සමුම්ඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

"මුලින්ම ඔබ (පූටින්) මුලින්ම කතා කළ යුතුයි. සෑම කෙනෙකුම සටන් කිරීම නැවැත්විය යුතුයි. එය දින පහකට, හයකට පෙර ආරම්භ වූ ස්ථානයට (ආපසු) යා යුතුයි" සෙලෙන්ස්කි පැවසීය. "මිනිසුන්ට බෝම්බ දැමීම නැවැත්වීම වැදගත් වන අතර, එසේ වුවහොත් අපට ඉදිරියට ගොස් සාකච්ඡා මේසයේ වාඩි විය හැකියි."

යුක්රේන නගරවලට රුසියානු ප්‍රහාර එල්ල කරන තාක්, දෙරට අතර සාකච්ඡාවලදී සුළු ප්‍රගතියක් පමණක් ලබාගත හැකි බව ඔහු පැවසීය.

පුටින් පසුගිය බ්‍රහස්පතින්දා ඩොන්බාස් කලාපයේ "විශේෂ හමුදා මෙහෙයුමක්" ආරම්භ කළ බව කියා සිටියාත්, යුක්රේනය පවසන්නේ ඔවුන් රට පුරා ඉලක්ක ප්‍රහාරයට ලක්ව ඇති බවයි. පූටින් කියා සිටියේ මෙහෙයුම "යුක්රේනය නිර්-හමුදාකරණය සහ ප්‍රතික්ෂේප කිරීම" ඉලක්ක කරගත් එකක් බවයි.

රුසියාව සහ යුක්රේනය ඔවුන්ගේ පළමු වැනි සාකච්ඡා වටය පසුගිය සඳුදා බෙලාරුස්හිදී පැවැත්වූ අතර, දෙපාර්ශ්වයම එකඟත්වයකට පැමිණීමට එහිදී අපොහොසත් විය. කෙසේ වෙතත් එහි දෙවැනි වටයක් වෙත යොමුව ඇත.

"වඩාත්ම වැදගත්ම දෙය නම්, සාකච්ඡා ක්‍රියාවලිය දිගටම කරගෙන යාමට අපි එකඟ වුණා. මීළඟ රැස්වීම පෝලන්ත-බෙලාරුසියානු දේශසීමාවේ ඉදිරි දිනවලදී පවත්වනු ඇති" රුසියානු නියෝජිතයින්ගේ ප්‍රධානී ව්ලැදිමීර් මෙඩින්ස්කි සාකච්ඡාවෙන් පසුව පැවසීය.



Recommended Articles