ලිපීනයේ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කටයුතු පිළිබඳ ආයතනය පවසයි.
අධික වර්ෂාව සමග ඇති වූ කුණාටු හේතුවෙන් විනාශයට පත්වූ ගම්මානවල පස් කඳුවලට යටවී අතුරුදන් වූ පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව බලධාරීන් පවසයි.
මේ වසරේ මෙම දූපත් සමූහයට පහර දුන් ප්‍රබලම නිවර්තන කුණාටුව ලෙස මෙගී සැලකෙන අතර, කුණාටුවෙන් බොහෝ මරණ සිදුවී ඇත්තේ මධ්‍යම පළාත් ගම්මානවලටය.