පිලිපීනයේ ගිනිකන්දක් ආශ්‍රිතව කඩා වැටීමට ලක්වූ කුඩා ගුවන් යානයේ සුන්බුන් සොයාගැනීමට බලධාරීන් සමත්ව තිබේ.
Cessna 340 වර්ගයේ මෙම ගුවන් යානය මැනිලා අගනුවර සිට ඇල්බේ පළාතේ, බයිකොල් ගුවන් තොටුපොළ වෙත ගමන් කරමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇත.
මෙම යානයේ ඔස්ට්‍රේලියානු ජාතික තාක්ෂණික උපදේශකයන් දෙදෙනෙකු සහ පිලිපීන ජාතික ගුවන් නියමුවෙකු සහ සහායකයෙකු ගමන් කර තිබේ.