පිලිපීනය වෙත බලපෑ දරුණු ගංවතුර හේතුවෙන් 13ක් මරුට


පිලිපීනය වෙත බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 13ක් වන අතර, තවදුරටත් 23දෙනෙකු අතුරුදන්ව ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ ආයතනය පවසයි.

දින දෙකක් පුරා නොකඩවා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව මෙම ගංවතුර ඇති වීමට හේතු වී ඇති අතර, මේ වනවිටත් 45,000ක උන්හිටි තැන් අහිමි වී ඇති බවද සඳහන් වේ.

මෙම දැඩි ගංවතුර හේතුවෙන් පිලිපීනයේ බොහෝ ජනතාවගේ ජීවනෝපාය වන පශු සම්පතටද දැඩි හානි සිදුව ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles