පිලිපීනය දෛනික වැඩිම ආසාදිතයන් වාර්තා කරයි


පිලිපීනයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය දිනයේ (08දා) නව කොරෝනා වෛරස ආසාදිතයන් 2,539ක් වාර්තා කර ඇති අතර, එය තහවුරු වී ඇත්තේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයන්ගේ විශාලතම දෛනික වැඩිවීම ලෙසිනි.

ඒ අනුව පිලිපීනයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එය දැක්වුණේ 50,359ක් ලෙසිනි. මෙම ආසාදිතයන්ගෙන් පහෙන් එකක් පසුගිය දින පහ තුළ තහවුරු වී තිබීමද විශේෂත්වයකි.

මේ අතර ගෙවීගිය දිනයේ අතිරේක මරණ 5ක් පිලිපීනයෙන් වාර්තා වන අතර, එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 1,314ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ලොව දිගම අගුලු දැමීමේ පියවර ක්‍රියාත්මක කළ පිලිපීනය, සිය නීති නැවත දැඩි කළ හැකි බව එරට රජය අනතුරු අඟවා තිබේ.



Recommended Articles