පිලිපීන භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 6ක් මරු වැළඳ ගනී


පිලිපීනයට බලපෑ භූ කම්පනයකින් පුද්ගලයන් 6 දෙනෙකුටවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

අද අලුයම් කාලයේදී උතුරුදිග බටානේස් පළාතට රික්ටර් පරිමාණ 5.4ක් සහ 5.9ක් ලෙස මෙම භූ කම්පන බලපා තිබූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූ කම්පනය ඇතිවන අවස්ථාවේදී පුද්ගලයන් තම නිවෙස්වල ගතකර ඇති බවත්, මෙම භූ කම්පනයෙන් තවත් පුද්ගලයන් 60ක් පමණ තුවාල ලබා ඇති බවත් එරටින් ලැබෙන වාර්තා පවසයි.

කෙසේ වෙතත්, භූ කම්පනයෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නැත.

පැසිෆික් ගිනි වළල්ල ලෙස සැලකෙන සුනාමි මායිමේ පවතින පිලිපීනය නිතර භූ කම්පනවලට ලක්වන අතර, මෙය ලෝකයේ වඩාත් සක්‍රීයම භූ කම්පන කලාපය ලෙසද සැලෙකයි.



Recommended Articles