පිලිපීන ජනපති ඩුටර්ටේ ස්වයං හුදකලාවකට යයි


පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ සිය නිවසේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව වැඩබලන ජනාධිපති ප්‍රකාශක කාර්ලෝ නොග්රාලෙස් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකිරීම හෝ ඔහුද ආසාදිතයෙකු වී ඇතිද යන්න එම නිවේදනයේ සඳහන් නොවන බවද කියයි.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිලිපීනයටද දැඩි බලපෑමක් ඇති කර තිබෙන අතර, එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලද බොහෝ පිරිසක් ආසාදිත වී ඇති බව කියයි.



Recommended Articles