පිලිපීන උප ජනපතිනියට ලබාදුන් සභාපති පුටුව සතියකින් ඉවත්ට


පිලිපීනයේ නීතිවරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ අන්තර් ආයතින කමිටුවේ උප සභාපති ධුරයට පත් උප ජනාධිපතිනී ලෙනී රොබ්‍රෙඩෝ එම ධුරයට පත්වී සතියකින් යළිත් ධුරයෙන් පහ කර තිබේ.

මෙම ඉවත්කිරීම සම්බන්ධයෙන් පිලිපීන ජනපති මාධ්‍ය ප්‍රකාශකවරයා හේතු රැසක් ඉදිරිපත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය පාලනය සඳහා ගෙනයන විවාදයට තුඩුදී ඇති මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ඇය දිගින් දිගටම විරෝධාකල්යක සිටි තැනැත්තියකි.

මෙම පත්වීම ලැබීමත් සමග මෙම මත්ද්‍රව්‍ය පාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යම් සාධනීය වෙනසක් සිදුකිරීමට ඇය උත්සාහ කිරීම මෙසේ ඇයට ධුරය අහිමි වීමට හේතුව විය හැකි බව කියයි.



Recommended Articles