පැහැරගත් ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් මරා දැමීමට යයි


සති අන්තයේ උතුරු ඇමෙරිකානු මිෂනාරි කණ්ඩායමක් පැහැරගෙන ගිය හයිටි කල්ලියේ නායකයා සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයට පත් කළ වීඩියෝ පටයකින් ඔවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට තර්ජනය කළේය.

"මම ඉල්ලන දේ මට නොලැබුණොත් මේ ඇමෙරිකානුවන්ගේ හිසට වෙඩි උණ්ඩයක් තබන බවට මා අවධාරණය කරනවා" යැයි 400 මැවෝසෝ කල්ලියේ නායක විල්සන් ජෝසප් වීඩියෝවෙන් පැවසීය. කෙසේ වෙතත් එම අවස්ථාවේ දැක්වෙන මිනී පෙට්ටි පොලිසිය විසින් ඝාතනය කරන ලද එම කල්ලියේ සෙසු සාමාජිකයින්ගේ යැයි විශ්වාස කෛර්.

පැහැරගෙන ගිය අය මුදා හැරීම සඳහා එක් අයෙකුට ඩොලර් මිලියනයක මුදලක් ඉල්ලා ඇත. එක්සත් ජනපදයේ සහ කැනේඩියානු මිෂනාරිවරු 17දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සහ ඔවුන්ගේ දරුවන් සෙනසුරාදා දහවලේදී පැහැරගෙන ගොස් ඇත්තේ කල්ලියේ පාලනය යටතේ පවතින පෝට්-ඕ-ප්‍රින්ස් ප්‍රදේශයේදීය.



Recommended Articles