ප්‍රංශයේ පැරිස් අගනුවර පොලිස් මූලස්ථානයේ සේවකයෙකු විසින් සිදුකළ පිහි ඇනුමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ එක් පරිපාලන නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයාගේ නම ප්‍රසිද්ධ කර නොමැති අතර, ඔහු පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ, ගොඩනැගිල්ල තුළ සිටි බොහෝ පිරිස් කඳුළු වගුරුවමින් ඉන් ඉවතට දිවගිය බවයි.
මෙම සිද්ධියෙන් පසුව එම ප්‍රදේශය සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් ප්‍රංශය පුරා පොලීසිය විසින් වැඩවර්ජනයක් දියත් කර දිනකට පසුව මෙම සිදුවීම වාර්තාවීමද විශේෂත්වයකි.
ප්‍රංශයේ අභිචෝදකයන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන අරඹා තිබේ.