ප්‍රංශයේ පැරිස් නුවර ගේර් ඩු නෝර්ඩ් දුම්රිය ස්ථානයේ දී පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරවලින් පුද්ගලයින් 6දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව පැරීස් පොලීසිය පවසයි.
ලන්ඩන් සහ යුරෝපයේ උතුරු ප්‍රදේශ අතර ප්‍රධාන සම්බන්ධතාවක් සලසන යුරෝපයේ කාර්යබහුලම නගරයක් වන පැරිස් හි මෙම දුම්රිය ස්ථානය සැලකෙයි.
කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කළ මෙම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔවුන් වෙඩි තබා ඔහුට තුවාල කිරීමෙන් පසුව බව වැඩිදුරටත් සඳහන් වේ.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මනින් වාර්තාකරුවන්ට පැවසුවේ, අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත් මෙතෙක් ත්‍රස්තවාදය සඳහා කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවයි.
ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත. දුම්රිය ක්‍රියාකරු SNCF උපුටා දක්වමින් ප්‍රංශ මාධ්‍ය පැවසුවේ දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.