පැය 24ක ගෝලීය ආසාදිත වාර්තාව WHO අලුත් කරයි


ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (16දා) දිනයේ නිකුත් කළ තත්ත්ව වාර්තාවට අනුව, එම සෙනසුරාදා දිනය දක්වා වූ පැය 24ක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයන් 294,237ක් වාර්තා වී තිබේ.

එමෙන්ම ලොව පුරා ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 21ක් ඉක්මවා ගොස් ඇත.

මෙසේ අලුතින් වාර්තා වූ ආසාදිතයන්ගේ වැඩිවීම පැය 24ක කාලයක් තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ සිද්ධීන් සඳහා තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. මීට පෙර කොවිඩ්-19 ආසාදිතයන් 292,527ක දෛනික ආසාදිත වාර්තාවක් තබා තිබුණේ ජූලි මස 31දාය.

එමෙන්ම අදාළ පැය 24 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට අතිරේක කොවිඩ්-19 මරණ 9,985ක් වාර්තා වී ඇති බවද එම සංවිධානය නිකුත් කළ තත්ත්ව වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.



Recommended Articles