පැපුවා නිව්ගිනියාවේ අගමැති ජේම්ස් මාරපේ චීනයේ බීජිං නුවරදී ආරම්භ වූ 2022 ශීත ඍතු ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා පසුගියදා බීජිං වෙත පැමිණීමෙන් පසු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව තහවුරු වී තිබේ.
ඒ අනුව එලැඹෙන ඉන්දු-පැසිෆික් සමුළුවක් සඳහා ලබන සතියේ ප්‍රංශයට නොයන බවත්, ඔහු මේ වනවිට චීනයේදී නිරෝධායනයට ලක්ව සිටින බවත් ඔහුගේ කාර්යාලය ප්‍රකාශ කළේය.
"පසුගිය බ්‍රහස්පතින්දා සවස බීජිං වෙත පැමිණීමෙන් පසු අගමැතිවරයා කොවිඩ්-19 සඳහා ධනාත්මක බව තහවුරු වුණා. ඒ අනුව කොවිඩ්-19 සීමාවන් හේතුවෙන් අගමැති මාරපේ මෙම සංචාරයෙන් පසුව සිදුකිරීමට නියමිත වූ ප්‍රංශ සංචාරය අවලංගු කරනු ඇති" අගමැති කාර්යාලය සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කළේය.